ඇමෙරිකාව තුළ ටික්ටොක් යෙදවුම තහනම් කරන බව එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන කරනවා.
ඒ සදහා වූ විධායක නියෝගයට අද (01) දිනය තුළ අත්සන් තබන බව ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියා. චීන සමාගමකට අයත් මෙම යෙදවුම පිළිබද දීර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකා ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටි බවයි වාර්තා වන්නේ. ටික්ටොක් යෙදවුම මගින් ඇමෙරිකා ජාතිකයින්ගේ පෞද්ගලික තොරතුරු එක්රැස් කරන බවට ආරක්ෂක අංශ චෝදනා කරනවා.
මාසයක කාලයක් තුළදී නව ග්‍රාහකයින් මිලියන 80 ක් පමණ මෙම යෙදවුම සමග එක්වන බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසන්නේ. සිදුකිරීමට නියමිත තහනමත් සමග චීන සමාගමට දැඩි ආර්ථික හානියක් සිදුවනු ඇති බවට අපේක්ෂා කරනවා.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්