ගාලු මුවදොර පිහිටි ගෝඨාගෝගම අරගල භූමියේ පසුගිය 9 වනදා සිදුවූ ගැටුම අවස්ථාවේ සිටි තුන්දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සහ තවත් අරගලකරුවෙකු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ ඔවුන් පදිංචි පොලිස් බල ප්‍රදේශවල පොලිස් ස්ථාන හරහා කළ දැනුම්දීමකට අනුවයි.
මේ අතර අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී ඉකුත් 9 වනදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
මෙම ගැටුම සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, ඉන්දික අනුරුද්ධ සහ සංජීව එදිරිමාන්න මෙන්ම සබරගමු පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්නගෙන් ප්‍රකාශ ලබාගත්තා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති