මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.
එම කොමිසම සඳහන් කළේ, එම පෑන නිල් හෝ කළු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත්වී තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එවැනි බලපත්‍ර වලංගු කර ගැනීමට දී ඇති සහන කාලය ඉකුත්වී නැති රියැදුරු බලපත්‍ර, ඡන්දය භාවිත කිරීමට සුදුසු බව මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.
මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනු ඇත.
ඒ අනුව, ප්රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති.

More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්