ඉදිරියේදී මෙරට ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා ෆේස්බුක් සටහනක් තබමින් මේ බව සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග තමන් සිදුකළ සාකච්ඡාවලින් පසුව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒ සඳහා සහතික වූ බවය.
ජනතාවට දෛනික තුන්වේලම ලබා දීමට තමන් ප්‍රමුඛත්වය ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති