අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (23) ආරම්භ වනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කලේ අද (23) සිට ජුනි මස 01 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් සහ බාහිර අයදුම්කරුවන් 517,469 දෙනෙකු පෙනී සිටිමීට නියමිත අතර ඒ සඳහා විභාග මධ්‍යස්ථාන 3,844 ක් සූදානම් කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
විභාගය සඳහා මුහුණ දෙන සිසුන්ට උපදෙස් කිහිපයක්ද විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම උපදෙස් පහතින්,
- විභාගය සඳහා පෙනී සිටින සිසු සිසුවියන් කල්වේලා ඇතිව විභාග ශාලාව වෙත පැමිණිය යුතුයි.
- විභාග ප්‍රවේශ පත්‍රය , ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණිය යුතුයි.
- ඉන්ධන නිකුත් කිරීමේදී විභාග කාර්ය මණ්ඩල සහ විභාග ප්‍රවේශ පත්‍රය සමඟ පැමිණෙන සිසුන්ගේ දෙමව්පියන්ට ප්‍රමුඛතාව ලබාදිය යුතුයි.
- විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට බාධා වන අයුරින් මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණය කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස්වරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති