රඹුක්කන සිට මාවනැල්ල දක්වා ධාවනය කරවූ ලංගම බසය පසුපස ආසනයේ වාඩි වී සිටි මවගේ තුරුලේ සිටි අවුරුදු තුන හමාරක දරුවකුගේ හිස අනාරක්ෂිතව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තම්මිට උස්සාපිටියේ පදිංචි සචින්ත පැතුම් කුමාර නැමැති සිඟිත්තෙකි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තම වැඩිමහල් සහෝදරයා හා මව සහ පියා සමග මාවැල්ලට ගොස් ආපසු නිවෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
රඹුක්කන සිට මාවනැල්ලේ සිය නිවෙස බලා පැමිණිමේ අදහසින් මෙම පිරිස ලංගම බසයක නැගී මෙම පිරිස ගොඩ වී එහි පිටුපස අසුනේ වාඩි වී ඇත.
රඹුක්කන – මාවනැල්ල මාර්ගයේ කීරගල ප්‍රදේශයේ අනාරක්ෂිතව නවතා තිබූ ලොරි රථයක් පසු කරනවා සමග බස් රථය ඇල වූ බවත් ඒ අවස්ථාවේ මගේ උකුලේ සිටි කුඩා දරුවාගේ හිස බසයේ ජනේලයන් පිටතට ඇළ වූ බවත් එම පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වේ. ඒ සමග තම පුතාගේ හිස ලොරි රථයේ ගැටුණු බව පැමිණිල්ලෙන් කියැවෙයි.
බරපතල තුවා ලබා සිටි දරුවා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි දරුවා මියගොස් ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති