අද (20) දිනය පාසල් නිවාඩු දිනයක් ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණ ද සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්ය මණ්ඩල කලින් යොදාගත් පරිදි නියමිත රාජකාරී සඳහා සේවයට වාර්තා කරන ලෙෂ විභාග දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ.
විභාග ශාලා සඳහා යොදා ගන්නා සියලූම පාසල්වල විදුහල්පතිවරුන් ද පාසල්වලට වාර්තා කර විභාග ශාලා සකස් කර ගැනීමේ රාජකාරී සඳහා අවශ්‍ය සහාය ලබා දෙන ලෙසට විභාග කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
විභාග ශාලාධිපතිවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නිර්දේශ අනුව විභාග ශාලා නිරීක්ෂණ කටයුතු සදහා නම් කරනු ලබන ගුරු මහත්ම මහත්මින් ද විභාග ශාලාධිපතිවරුන්ගේ කැඳවීම මත අදාළ රාජකාරි සඳහා වාර්තා කළ යුතු වේ.
ඉන්ධන අරපිරිමැස්ම උදෙසා මෙවර නිරීක්ෂක උපදෙස් රැස්වීම ’සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදන ලෙස උපදෙස් දී ඇති අතර වෙනත් අත්‍යවශ්‍ය කරුණක් වෙතොත් මැයි 23 වන සදුදා දින විභාගය ආරම්භ කිරීමට ප්‍රථම දැනුම් දීමට කටයුතු කළ යුතු වේ.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති