හැටන් සතොස ශාඛාවට (19) දින සහල්,රතු පරිප්පු සහ සීනි තොග ලැබීමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පාරිභෝගිකයන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටීහ.
සතොස ශාඛාව මගින් පොන්නි සම්බා කිලෝවක් රු 175 ,දේශිය රතු කැකුළු කිලෝවක් රු 145 ,රතු පරිප්පු කිලෝවක් රු 489, දුඹුරු සීනි කිලෝවක් රු 170 වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.
සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් ,රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සීනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ.
එම ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළේ ඉතා අධික සිල්ලර මිලකට අලෙවි කරන නිසා හැටන් සතොස ශාඛාවෙන් එම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනිමට විශාල පිරිසක් පෝලිම් වල රැඳී සිටීහ.
More Stories
අද නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක්
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අදත් CIDයට
නැවතත් කාලගුණය සැරවෙන ලකුණු