ඇමෙරිකාවේ කැලිෆෝනියා නගරයේ දේවස්ථානයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. තුවාල ලැබූ පුද්ගලයින් අතරින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. මියගිය සියලුම පුද්ගලයින් වැඩිහිටියන් බවද සඳහන්. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මේ ආකාරයටම ඊයේ දිනයේ බෆලෝ ප්රදේශයේ සුදු ජාතිකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් කලු ජාතිකයින් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
More Stories
කහවත්තේ ඝාතනය ගැන තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ
අනිද්දා පැය 12ක ජල කප්පාදුවක්
“හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ලබාදෙනවා”