යල කන්නය සඳහා අවශ්‍ය වන යූරියා පොහොර ප‍්‍රමාණය සැපයීමට ඉන්දීය රජය විසින් ශ‍්‍රී ලංකාවට පොරොන්දු වී තිබෙනවා.
ඒ අනුව යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 65 දහසක් ඉන්දියාව විසින් ලබාදීමට නියමිතයි.
දැනට ඉන්දියාව විසින් පිරිනමා ඇති අමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ මෙම පොහොර ප‍්‍රමාණය මෙරටට ලැබීමට නියමිත බව සඳහන්.
ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන් බවයි නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කලේ්.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්