පවතින ප‍්‍රවාහන අපහසුතා සහ විදුලිය නොමැති අවස්ථාවන් වලදී කාර්යාල කටයුතු පවත්වාගෙන යාමේදී මුහුණ දෙන ගැටඵ සැලකිල්ලට ගනිමින් අද දිනය රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප‍්‍රකාශ කළේ හෙට දිනයේද රජයේ නිවාඩු දිනයක් බැවින් මෙලෙස අද දිනයේද නිවාඩු ලබා දෙන බවයි.
ඒ සම්බන්ධයෙන් සියඵ රාජ්‍ය හා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත සියඵ දිස්ති‍්‍රක් ලේකම්වරුන්, ප‍්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම දෙපාර්තුමේන්තු ප‍්‍රධානින් වෙත මේ වන විට විශේෂ චක‍්‍රලේඛයක් මඟින් දැනුම් දී තිබෙනවා.
එය නිකුත් කරනු ලැබුවේ පසුගිය සිකුරාදා දිනයේදීයි.
කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී මෙය බාධාවක් නොවිය යුතු බවට ද අදාළ චක‍්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති