බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඌව සහ මධ්‍යම පළාත්වල මෙන් ම හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත‍්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත‍්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40 ක් පමණ දක්වා වැඩි වනු ඇති බව ද සඳහන්.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.