රජය කුමන තීරණය ගත්තත් ඉදිරි මාස කිහිපයේ මීටත් වඩා දරුණ තත්ත්වයක් ඇති වෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ආර්ථික ගැටලුවලට ප්‍රධාන හේතුව වන්නේ රාජ්‍ය ආයතනවල සිදුවන අලාභය බවය.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ තරුණ වෘත්තිකයින් පිරිසක් සමග අද (28) සිරිකොත පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාකදී හිටපු අගමැතිවරයා මේ බව පැවසීය.
“අපේ ආර්ථික අර්බුදය තුළ සංකීර්ණ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ඩොලර් හිඟය, ආදායම් අඩුවීම, වියදම් වැඩිවීම ප්‍රධානයි.”
“දරාගන්න බැරි ණයක් තමයි මේකට තිබෙන ප්‍රධාන කාරණාව.”
“මේ දරාගන්න බැරි ණයට හේතුවන ප්‍රධාන කරුණ තමයි මේ රටේ සංස්ථා ණය බර. විදුලිබල මණ්ඩලය දිහා බැලුවොත් 2020 සහ 2021දී පාඩුව රුපියල් බිලියන 71ක් කියලා කියනවා. මේ වසරේ බිලියන 100ක පාඩුවක් සිදුවන බවත් කියනවා.”
“2020 සහ 2021දී තෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 83ක්. ඇමතිතුමා දැන් කියනවා එක දිනකට රුපියල් බිලියනයක පාඩු ලැබුවා කියලා. මේ මිල වැඩිකිරීමෙන් පස්සෙත් දිනකට රුපියල් මිලියන 327ක පාඩුවක්…ඒ කියන්නේ වසර අවසානයේදී තවත් ඩොලර් බිලියන 80ක පමණ පාඩුවක් ඇති වෙන්න යනවා.”
“මේ ණය දීලා තියෙන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් සේවයේ ණයත් මේ බැංකු දෙකට දරාගන්න සිදුවෙලා.”
“මේ ණය තවත් වැඩි වුණොත් බැංකුවල පැවැත්ම ගැන ප්‍රශ්නයක් ඇතිවෙනවා.”
“ඊට අමතරව වාණිජ බැංකුවලට අයිති ජාත්‍යන්තර බැඳුම්කර නතර කිරීම නිසාත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.”
“ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් රුපියල් ට්‍රිලියනයක ණය ලංකා ආණ්ඩුවට දීලා තියෙනවා.”
“අලාභය අඩු කරන්න විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු වැඩි කරන්න වෙනවා. මේ සියල්ලම දරාගන්න වෙන්නේ රටේ ජනතාවට.”
කාලයක් තිස්සේ සිට මේ ප්‍රශ්න සියල්ලම ගැට ගැහිලා තියෙන්නේ එක ගැටයකින්.
“අපි ණය ගෙවීමේ හැකියාව තිබෙන රාමුවක් ඇති කළාම ආණ්ඩුවට පුළුවන් මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.”
“අපි මේ ගැටය ලිහනවාද? ගැටය කපනවා ද? කියලා කොයි තීරණය ගත්තත් ඒ දෙකම අමාරුයි.”
“මේකේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඊළඟ මාස කිහිපයේදී මීටත් වඩා දරුණු තත්ත්වයක් ඇති වෙන්න යනවා.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති