රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් රාජ්‍ය ආයතනවල වියදම් කප්පාදු කිරීමට පියවර ගන්නැයි උපදෙස් ලබාදුන් බවයි.
ඊට අදාළ විශේෂ චක‍්‍රලේඛයක් සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප‍්‍රධානීන්ට ඊයේ නිකුත් කෙරුණා.
සේවයේ නිරතවූ බව තහවුරු කරගැනීමෙන් තොරව සිදුකරනු ලබන සියලූ අතිකාල දීමනා ගෙවීම් අත්හිටුවීම, විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනාවන්හි එකතුව වැටුප ඉක්මවා නොයන ලෙස ක‍්‍රමවේදයක් සකස් කිරීම සඳහා ද එම චක‍්‍රලේඛයෙන් උපදෙස් දී තිබෙනවා.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්