අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
හිටපු මහ බැංකුවේ අධිපතිවරයා රාජ්‍ය මුදල් අවභාවිතාවක් සිදුකළේ, යැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය නිකුත් කර තිබෙන්නේ.
ලබන ජූනි 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා හිටපු මහ බැංකුවේ අධිපතිවරයාට සිතාසි නිකුත් කරන ලෙසටත් මෙහිදී නියම කරුණා.
2006 වසරේ 2015 දක්වා කාලය තුළ මහබැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් ඇමරිකානු ජාතික සුබේරි නැමැති පුද්ගලයෙකුට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ගෙවීම තුළින් සාපරාධි විශ්වාසය කඩකිරීම සහ සාපරාධී පරිහරණයක් සිදු කර ඇති බවට පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කරුණු ඉදිරිපත් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති