තරුණයින් නොමඟ යවන බව අවධාරණය කරමින් ටික් ටොක් වීඩියෝ හුවමාරු යෙදවුම භාවිතය තහනම් කිරීමට ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය නියෝග කර තිබේ.
එමෙන්ම නාඳුනන ප්‍රතිවාදීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෙදෙන PUBG වීඩියෝ ක්‍රීඩාවද තහනම් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට අමතරව ඔවුන් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බව තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අයයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති