අපොස උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නර්තන හා සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 2022.04.29 වන දින සිට 2022.05.10 වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
තවද ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අපොස උසස් පෙළ 2021 (2022) විභාගයෙන් පසුව පැවැත්වීමට නියමිත බවද එහි සදහන්.

More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති