හෙට සහ අනිද්දා දිනවල පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් ද විදුලිය කපා හැරෙනු ඇති.
ඉරිදා දිනයේදී A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 5.20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් ද පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් ද විදුලිය විසන්ධි කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති