විදුලි බිල ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් යළි ඉල්ලීමක් කර තිබෙනවා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෘ නවමුනි මහතා පැවසුවේ ඞීසල් මිල රුපියල් 113 කින් ඉහළ යෑම හමුවේ සිදුවන පාඩුව තවදුරටත් දරාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
විදුලි ඒකකයක් නිෂ්පාදනය සදහා වැය වන මුදල මේ වන විට රුපියල් 35 ඉක්මවා ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් විදුලි ඒකකයක් අලෙවි කරනුයේ රුපියල් 16.50 කට බවද එම මණ්ඩලය සදහන් කළා.
තවදුරටත් එම මිලට විදුලිය ලබාදීමක් සිදු කළහොත් විදුලිබල මණ්ඩලය බිද වැටීමේ අවදානමක් පවතින බවයි ඇන්ඩෘ නවමුනි මහතා පෙන්වා දෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති