සිංහල හා හින්දු අලූත් අවුරුදු උදාවෙන් පසුව එළඹෙන පළමු පොහොය වන බක් පුර පසළොස්වක පොහොය අදයි.
සුවිශේෂ සිදුවීම් රැසක් බක් පුර පසළොස්වක පොහෝදා සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
ශ්‍රී සම්බුද්ධත්වයෙන් පස් වසක් ඇවෑමෙන් බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය අදවන් පොහෝ දිනක සිදුව තිබෙනවා.
නාගදීපයට වැඩම කළ උන්වහන්සේ චුලෝදර සහ මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් අරබයා ඇතිවූ ගැටුමක් සමතයකට පත්කර ඇති අතර අවසන එම මැණික් පුටුව නිදන් කොට නාගදීප සෑ රදුන් ඉදිකරවා සසුනට පූජා කර ඇති බව ස
දහන්.
එමෙන්ම සිදුහත් බෝ සතුන්ගේ කුමාර අවදියේදී ගිහිගෙය අතහැර මහා අභිනිෂ්ක්‍රමණය කිරීමට හේතුපාදක වූ සතර පෙරනිමිති අතර කියැවෙන මහල්ලෙකුගේ රුව දැක ඇත්තේද අදවන් බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.
ඒ නිමිත්තෙන් දිවයින පුරා වෙහෙරෙ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් සිදුකෙරන අතර සිත 88.8 ඔස්සේ අද දිනය පුරා සිත නිවන මග පෝදා විශේෂ විකාශයට ඔබට සවන් දිය හැකියි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති