විරෝධතාකරුවන් විසින් කොළඹ ගාලු මුවදොර පිටියේ ‘අල්ලාගෙන සිටින ප්‍රදේශය’ ‘ගෝඨා ගෝ ගම’ ලෙස නම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අසාර්ථක ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ ඔහුගේ රජයට එරෙහි ජනතා විරෝධය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර පිටියේදී මෙම විරෝධතාව පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් තාවකාලික කූඩාරම්, ආහාර, ඖෂධ ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපයන අතර විරෝධතාවයේ නිරත මහජනතාවගේ පහසුව සඳහා පොදු වැසිකිලි ද ඉදිකර තිබේ.

විරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර පිටියේ ‘අල්ලාගෙන සිටින ප්‍රදේශය’ ‘ගෝඨා ගෝ ගම’ ලෙස නම් කරමින් කාඩ්බෝඩ්වලින් සාදන ලද පුවරු සවිකර තිබේ.

මුල් සිංහලෙන් ‘ගෝටා ගෝ ගම’ යන නව නම ඉංග්‍රීසියෙන් GoTaGo Gama ලෙස පරිවර්තනය වේ.

By Dheera

WP Twitter Auto Publish Powered By : XYZScripts.com