සැමන් කර්මාන්ත ශාලාවක නරක් වී දුගඳ හමන සැමන් බැරල් 15ක් මහ රෑ අධික වර්ෂාව මැද ලොරියකින් ගෙන විත් මාරපොල ගම්මානයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට හලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි.
පෑලියගොඩ ප්‍රදේශයේ සැමන් නිෂ්පාදිත කර්මාන්ත ශාලාවක කුණු වී ඇති සැමන් තොගයක් ටින් වලින් ඉවත් කොට විශාල බැරල් පහළොවකට දමා ගෙන අධි ශීතකරණ ලොරියකින් මාරපොල ප්‍රදේශයේ ඉඩමක පිහිටි පාළු ළිඳකට හලමින් සිටියදී එසේ ලොරියත් සමග අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලීසිය කීය.
අත් අඩංගුවට ගෙන ඇති තිදෙනා මාරපොල, තණමල්විල හා ගලේවෙල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවට පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය කීය.
මාරපොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට මුදල් දී කුණු සැමන් ළිඳට දැමීම සිදු කොට ඇති බවත් මෙය කාලයක් තිස්සේ හොර රහසේ කර ගෙන ගොස් ඇති බවත් වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
අධික දුර්ගන්ධයක් පැතිරී යාම හේතුවෙන් මාරපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු විසින් දෙන ලද දුරකථන ඇමතුමකට අනුව වැටලීම සිදු කොට ඇත.
කල් ඉකුත් වී නරක් වූ සැමන් ටින් වෙළඳ ආයතන වලින් ආපසු භාර දීමෙන් පසුව කර්මාන්ත ශාලාව තුලදී ටින් වලින් ඉවත් කොට බැරල් වලට දමා ගෙන විත් ඇති බවද වැඩි දුරටත් කරන ලද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
( Lankadeepa online)
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති