දකුණු කොරියාව තමන්ට එරෙහිව යුද මෙහෙයුමක් ක්‍රියාත්මක කළහොත් ඔවුන්ට එරෙහිව පහරදීමට න්‍යෂ්ටික අවි භාවිත කරන බවට උතුරු කොරියාව නිවේදනය කරනවා.
දකුණු කොරියාව සතුව සෑම වර්ගයකටම අයත් මිසයිල පවතින අතර ඒවා නිරවද්‍යතාවයෙන් හා බලයෙන් අනූන හා උතුරු කොරියාවේ ඉලක්ක වෙත නිවැරදිව හා සුලු වේලාවක් තුළ එල්ල කළ හැකි බව දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළා. ඊට ප්‍රතිචාරයක් ලෙසයි උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන්ග් මේ බව සදහන්කර සිටියේ.
උතුරු කොරියාවට පහරදීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම දකුණු කොරියාව සිදුකළ විශාලම අත්වැරැද්ද බව ඇය සදහන් කරනවා. එමෙන්ම දකුණු කොරියා හමුදාව දේශසීමාවෙන් එක් අගලක් හෝ පසුකරමින් උතුරු කොරියාවට ඇතුළු වුවහොත් ඔවුන්ට සිතාගත නොහැකි විනාශයකට මුහුණදීමට සිදුවිය හැකි බවට ද කිම් යෝ ජොන්ග් අනතුරු අගවනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති