විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (4) ප්‍රදේශ රැසකට පැය 7 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (3) පස්වරු පැවසීය.
‘ඒ’ සිට ‘එල්’ කලාප 12 ට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 10.30 දක්වා පස්වරුවේ පැය 2 යි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.15 සිට පස්වරු 5.45 දක්වා දහවල් කාලයේ පැය 4 යි විනාඩි 45 ක් ද, පස්වරු 5.45 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය සඳහන් කළේය.
කොළඹ නගරයේ වාණිජ කලාපයේ විදුලි සැපයුම පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා පැය 3 යි විනාඩි 30 ක් කප්පාදු කරන බව ද විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති