දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියාව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
More Stories
විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීමට නිර්දේශ කිහිපයක්
සිංගිමලේ ජලාශයට බිලි වූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වේලාවන් සංශෝධනය වෙයි