ලිඳුල පොලිස් වසමට අයත් නාගසේන අගරකන්ද වත්තේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් වතු නිවාස දහයක් සම්පුර්ණයෙන් ම විනාශ වී තිබෙනවා .
අද උදැසන 11 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට ද පැතිර ගොස් ඇති බව සදහන් .
ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බව ලිඳුල පොලීසිය පැවසුවා .
ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචි ව සිටි වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික භාණ්ඩ සහ වටිනා ලියකියවිලි ගිනිගෙන විනාශ වී ඇති බව අප වාර්තාකරු වාර්තා සදහන් කළා .
පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව පාලනය කිරීමට සමත් වී ඇති බව සදහන් .
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්