සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ බස්රථ සේවයක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.
එය අදියර දෙකකින් ක්‍රියාත්මක කෙරෙන අතර, පළමු අදියර 2022 අප්‍රේල් 08 වැනිදා සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.
කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම කඩවත, කඩුවෙල බස් පර්යන්තයන්වල හා මාකුඹුර බහුවිධ හුවමාරු මධ්‍යස්ථානයේ ද මගීන්ට අවශ්‍ය පොදු පහසුකම් මෙම කාලසීමාව තුළදී සැපයීමට කටයුතු කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
දෙවන අදියර යටතේ, නැවත කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණීමේදී ගාල්ල, මාතර, ඇඹිලිපිටිය, මොනරාගල, බදුල්ල, හැටන්, මහනුවර හා නුවරඑළිය බස් පර්යන්තවල මගී ඉල්ලුමට සරිලන පරිදි තාවකාලික බලපත්‍ර මත බස් සේවා යෙදවීමට සැලසුම්කර තිබෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එමෙන්ම දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මෙම කාලය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති