ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.
මූල්‍ය අරමුදල ලබාදී ඇති ඇතැම් නිර්දේශ මේ වන විටත් ක‍්‍රියාත්මක කර ඇති බවයි මහ බැංකුුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
පසුගිය අගෝස්තු මාසයේ සිට මූල්‍ය ප‍්‍රතිපත්ති දැඩි කිරීම – විනිමය හුවමාරු අනුපාත පාලනය නොකිරිම – විදේශ විනිමය වෙළඳපොල ගණුදෙනු සඳහා පැවති බාධා ඉවත් කිරීම ඒ අතර වන බව එහි සදහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීපව කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා රජය සූදානම් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති