එතෙර පිහිටි මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල සහ කොන්සල් ජනරාල් කාර්යාල පවත්වා ගැනීම සඳහා වන වියදම් අවම කිරීමේ අරමුණෙන් තානාපති කාර්යාල 2ක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් විදේශ අමාත්‍යාංශය මඟින් හෙට දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
මේ මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස වසා දැමීමට යෝජනා කර ඇත්තේ ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත්, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි පිහිටි කොන්සන් ජනරාල් කාර්යාලය බව සඳහන්.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති