සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට තාවකාලිකව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
බොරතෙල් නොමැතිවීම හේතුවෙන් පිරිපහදුව හෙට සිට එලෙස වසා දැමීමට සංස්ථාව තීරණය කර තිබෙන්නේ.
සමාගම් කිහිපයක් විසින් බොරතෙල් ඇණවුම් කර තිබුණ ද එම ඇණවුම් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් වාර්තාවී නොමැති බවද සඳහන්.
අද කොළඹ ඇතුලු ප්‍රදේශ සඳහා අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.
කොළොන්නාව හා මුතුරාජවෙල ප්‍රධාන තෙල් ගබඩා 2 න් අදාල කටයුතු සිදු කරන බවයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව් ද සොයිසා මහතා කියා සිටියේ.
ඇනවුම් කර ඇති ඉන්ධන තොග ප්‍රමාණයන්ද ඉක්මවා ඉන්ධන ලබා දීමට කටයුතු යොදා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති