ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ඉන්දියාවෙන් ලබාගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.
අද පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තබා ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා අත්සන් තබා තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දිනයේදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුලූ පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පවත්වනු ලැබුවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති