මැදින් පුර පසළොස්වක පොහොය අදට (17) යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩකිරීම සඳහා ගමන ආරම්භ කර ඇත්තේ අද වැනි පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරාජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳහෙළීම සඳහා යමාමහ පෙළහර පෑම ද අද වැනි පොහොය දිනක සිදුකර තිබෙනවා.
යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදිවීම වැනි කරුණු ද මැදින් පුර පසළොස්වක පොහොය දිනක සිදුව තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති