දිවුලපිටිය , කඩවල ප්‍ර දේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රඳවා සිටින අවුරුදු 09 ක් වූ පිරිමි දරුවකු ගේ රහස් ප්‍රෙද්ශයට ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම හේතුවෙන් රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි ඒ සමරදිවාකර මහතා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
රෝහල් ගත කෙරුණු දරුවාට රාත්‍රි කාලයේ දී නින්දෙන් මුත්‍රා පිටවීම සිදු වී තිබේ . එයට උරණ වී ඇති ලමා නිවාසයේ පාලිකාව දරුවාව එම ළමා නිවාසයේ පිහිටි පහළ නාන කාමරයට රැගෙන ගොස් එම දරුවාගේ ඇඳුම් ඉවත් කර දරුවාගේ ශිෂ්ණයට මෙසේ මිරිස්කුඩු දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම ළමා නිවාසයේ පිරිමි සහ ගැහැණු දරුවන් විසිපස් දෙනෙකු පමණ සිටින බවත් පොලිසිය අධිකරණය හමුවේ කීය .
එම ළමා නිවාසයේ සිටින දරු දැරියන්ට එම ළමා නිවාසයේ පාලිකාව විසින් අනිසි විදියට බලපෑම් සහ තාඩන පීඩන කරමින්
අකටයුතු ක්රිනයාවන් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති හෙයින් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවට දිවුලපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක සුබසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වමින් අධිකරණය හමුවේ පැවසීය .
රෝහල්ගත කර සිටින දරුවාගේ සහ එම ළමා නිවාසයේ වාසය කරන දරුවන්ගේ ප්‍ර කාශ සටහන් කර ගන්නා ලෙසට දිවුලපිටිය පොලිසිය ට නියම කළ අධිකරණය යම් වරදක් සිදුවී ඇත්නම් එම ළමා නිවාසයේ පාලිකාව ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසට අධිකරණයෙන් නියම කෙරුණි .
කඩවල ප්‍රෙද්ශයේ පිහිටි එම ළමා නිවාසය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ගම්පහ ප්‍රධාන පරිවාස කාර්යාලයට අධිකරණයෙන් වැඩිදුරටත් නියම කෙරුණි .
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති