රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදා සෙබළුන් 1300 ක් මේ වනවිට මියගොස් ඇතැයි එරට ජනාධිපති වොලැඩිමියර් සෙලන්ස්කි පවසසයි.
ඔහු සඳහන් කළේ, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවය.
පසුගිය සිකුරාදා වනවිට රුසියානු හමුදා සාමාජිකයින් 600 කට ආසන්න පිරිසක් සිය හමුදාවන්ට යටත්ව ඇතැයි ද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
රුසියානු හමුදා මේ වනවිට ස්ථානගතව සිටින්නේ කියෙව් අගනුවරට කිලෝමීටර 25ක් දකුණු දෙසිනි.
ප්‍රහාර වලින් යුක්‍රේන ළමුන් 79 දෙනෙකු මියගොස් ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
රුසියානු හමුදා ඊයේ (12) එල්ල කළ ප්‍රහාර වලින් කාන්තාවන්, ළමුන් ඇතුළු සිවිල් වැසියන් 7 දෙනෙකු මිය ගියේ ය.
ඒ අනුව ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා මියගොස් ඇති සමස්ත සිවිල් වැසියන් සංඛ්‍යාව 1500 කි.
පුද්ගලයින් 13,000 ක් පමණ ඊයේ (12) ඉවත් කළ බව යුක්‍රේන උප අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය.
එහෙත්, රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති මරියපෝල් නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමට මෙතෙක් හැකිවී නොමැත.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්