2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්වුණා.
5 ශේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර වසරවලදී ඉරිදා දිනයේ දී පැවැත්වුණු අතර, එය සංශෝධනය කරමින් සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට තීරණය කෙරුණු බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන මහතා කියා සිටියේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 25,562 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,446ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 340,508 ක්.
විභාග මධ්‍යථාන 2,943 ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඞ් -19 ආසාදිත දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් ද ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති