ජාත්‍යන්තර කාන්තා දිනය අද (08 වැනිදා) යි. මෙවර තේමාව වන්නේ ‘රටකි දැයකි ලොවකි ඇය‘ යන්නය. එහි ප්‍රධාන උත්සවය අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පෙරවරු 8.30ට පැවැත්වේ. සවස 6.30ට ‘අම්මාවරුනේ ‘ සංවාදශීලී වැඩසටහන පැවැත්වෙයි.
කාන්තාවන් වෙනුවෙන් වන වැඩසටහන් දිවයින පුරා මාසයක කාලයක් පැවැත්වීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන අතර එම වැඩසටහන් අවසන් කෙරෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි. මේ යටතේ සියලුම පළාත්වල දී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති