Lanka Plus News

www.lankaplusnews.com

මානව හිමිකම් මණ්ඩලයට කාදිනල් හිමිපාණන්ගෙන් ප්‍රකාශයක්

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසි වාරය වෙත කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබද ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා

උන්වහන්සේ සදහන් කළේ සත්‍යය හෙළිදරව් කරන ලෙසට සිවිල් සංවිධාන ඉල්ලා සිටිය ද වර්තමාන රජය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරලීමට අසමත් වී සිටින බවයි.

ජිනිවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් කියා සිටියේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට රැගෙන යාම වෙනුවට, රජය යුක්තිය ඉල්ලන්නන් පීඩාවට ලක් කරන බවයි .

WP Twitter Auto Publish Powered By : XYZScripts.com