විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කළද ඔවුන්ට ඇමැතිවරුන් ලෙස ලබාදුන් ආරක්ෂාව දිගටම ලබාදෙන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අප පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ආරක්ෂාවේ වෙනසක් කිරීමට මෙතෙක් කිසිදු උපදෙසක් ලැබී නැති බවයි.
සාමාන්‍යයෙන් ඇමැතිවරයකුට නිල බලයෙන් හිමිවන ඇමැති ආරක්ෂක අංශ නිලධාරීන් සංඛ්‍යාව 7 කි.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය තුන්වැනිදා එම ඇමැති තනතුරුවලින් ඉවත් කරනු ලැබූහ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති