රුසියානු සමාගම්වල දැන්වීම් අන්තර්ජාලය තළ ප්‍රචාරණය තහනම් කර ඇති අතර රුසියානු සමාගම් යූ ටියුබ් ජාලයට උඩුගත කර ඇති වීඩියෝ සඳහා නැරඹුම් වාරයකට ගෙවන මුදලද ගූගල් සමාගම විසින් අත්හිටුවා ඇත.
පසුගිය සෙනසුරාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ සිදුවන යුද ගැටුම් හේතුවෙන් රුසියාවට මෙම ගූගල් සේවා තහනම පැනවූ බවත් ගූගල් සමාගමට අනුබද්ධිත සියලුම සේවා සඳහා මෙම තහනම ක්‍රියාත්මක වන බවත්ය.
රුසියන් ටුඩේ යනු යූ ටියුබ් ජාලයේ විශාල පරිශීලකයන් පිරිසක් සිටින නාලිකාවක් වන අතර මෙම තහනම ඔවුන්ට විශාල පාඩුවක් යැයි විශ්ලේෂකයෝ පවසති.
ගූගල් යුරෝප් පැවසුවේ යුක්රේනයේ තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින අතර එහි ඇතිවන තත්ත්වය මත තහනම වැඩි කිරීමට හෝ අඩු කිරීමට තීරණය කරන බවයි.
More Stories
17 වන බ්‍රික්ස් සමුළුවේ Rio de Janeiro ප්රකාශනය නිකුත් කරයි
ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පුරෝගාමියෙකු වීමට බ්‍රික්ස් රටවල් උත්සාහ කළ යුතු බව චීන අගමැති පවසයි
යුරෝපා සංගමය චීනයේ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පියවරයන්ට එරෙහිව චීනයෙන් ප්‍රති පියවර