විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව අද පෙරවරු 8යි 30 සිට පස්වරු 7යි 30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.
එහිදී දකුණු පලාත සඳහා පෙරවරු 8යි 30 සිට පස්වරු 4යි 30 දක්වා පැය තුනක කාලයක් විදුලිය විසන්ධී කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව ඇති බව සඳහන්.
පවතින ඩොලර් අර්බුදය හමුවේ තාප බලාගාර වෙත ඉන්ධන සැපයීම දුෂ්කර වී ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ.
ඒ අනුව කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයට දෛනිකව ඩීසල් මෙට්්‍රක් ටොන් 1,000ක් පමණක් විදුලි උත්පාදනය සඳහා ලබා දීමටයි බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.
එම ඩීසල් ප්‍රමාණයද ලබා දෙන්නේ සොජිට්ස් බලාගාරය සමඟ ඇති නෛතික බැදීම් හේතුවෙන් බවද බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මේ අතර නුදුරු අනාගතයේදි අනිවාර්යෙන්ම ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියා.
මේ අතර, ඉන්ධන හා විදුලිය භාවිතයේදී අරපිරිමැස්මෙන් කටයුතු කිරීමට රජයේ ආයතන සහ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් නව චක්‍රලේඛයක් අද නිකුත් කිරීමට නියමිතයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති