ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ වාර්තාගත දෛනික වැඩිවීමක් දක්වා ඇති අතර, එය ගත වූ පැය 24 තුළ ආසාදිතයන් 284,196ක ඉහළ යාමක් බව WHO වාර්තා පෙන්වා දෙනවා.
එහිදී විශාලතම දෛනික ආසාදිත වැඩිවීම් වාර්තා කර ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි.
එසේම මෙදින වෛරසය ආශ්රිත මරණ 9,753කින් ඉහළ ගොස් ඇති අතර, එය අපේ‍්‍රල් 30දා වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වූ 9,797ට පමණක් දෙවැනි වෙයි.
මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෛනික වැඩිම ආසාදිතයන් වාර්තා කර තිබුණේ ජූලි 18දාය. එම සංඛ්‍යාව 259,848ක් විය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්