අවම ඉල්ලුමක් පැවතුණ හොත් කප්පාදුවකින් තොරව අද (05) දිනයේ විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නිවාඩු දිනයක් වූ ඊයේ (04) දිනයේද අවම විදුලි ඉල්ලුමක් පැවතීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුනොවීය.
ජාතික විදුලි ඉල්ලුම ඊයේ රාත්‍රියේ මෙගාවොට් 2,260ක් වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
ඉන් සියයට 75%ක් තාප විදුලි බලාගාරවලින්, සියයට 23ක් ජල විදුලි බලාගාරවලින් සහ සියයට 2ක් සුළං,සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කරගැනුණි.
ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ අවම ඉල්ලුමක් පැවතුණහොත් කප්පාදුවකින් තොරව අද දිනයේත් විදුලිය සැපයීමේ හැකියාව පවතින බවය.
කෙසේවෙතත් ඉන්ධන නොමැතිව දැනට අක්‍රිය තත්ත්වයේ පවතින කැලණිතිස්ස බලාගාරය සඳහා ඉන්ධන ලබාදීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තා වෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති