බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නිළියක ලෙස ද රසික ආදරය දිනා සිටින කාජල් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ.
තමන් ‘කොව්ඩ් 19’ ආසාදිතයකු යැයි කාජල් සිය ඉන්ටග්රෑම් ගිණුම ඔස්සේ පැවැසුවේ, වැඩිමල් දියණිය නීසා දෙව්ගන් සමග ගත් ඡායාරූපයක් ද පළ කරමිනි.
ඡායාරූපයේ දැක්වෙන්නේ කාජල් සහ නීසා මංගල උත්සවයකට සහභාගී වූ දසුනක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
47 හැවිරිදි කාජල් විවාහ වී සිටින්නේ බොලිවුඩයේ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළුවකු ද වන අජේ දෙව්ගන් සමගය. දෙදෙනා විවාහ වූයේ 1999 වසරේදීය.
More Stories
ආරක්ෂක කටයුතු පිළිබඳ BRICS ඉහළ නියෝජිත රැස්වීම පැවැත්වේ
ඇමරිකාවේ ‘අන්‍යෝන්‍ය තීරුබදු’ ප්‍රතිපත්තිය චීනය හෙළා දකී
චීන විදේශ අමාත්‍යවරයා සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර හමුවක්