ඔමික්‍රොන් අවසාන කොවිඩ් ප්‍රභේදය නොවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රස් ඇඩනම් මහතා පවසනවා.
එම ප්‍රභේදයත් සමග කොවිඩ් වසංගතය ලොවෙන් තුරන් වනු ඇති බවට ඇතැමුන් පළකර ඇති අදහස් පිළිගත නොහැකි බවයි අධ්යක්ෂ ජනරාල්වරයා අනතුරු අඟවන්නේ.
කෙසේවෙතත් ගෝලීය කොවිඩ් වසංගත තත්වය මෙම වසරේදී අවසන් කිරීමට හැකිවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කලා.
මේ අතර මෙරට වයස අවුරුදු 16 ත් 19 ත් අතර සිසුන්ට ෆයිසර් දෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.
More Stories
ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය වීමට එක්වන්නැයි BRICS රටවලට ආරාධනා– චීන විදේශ අමාත්‍ය
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්