පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘බූස්ටර්’ එන්නත් ලබා දීමට අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් එහි ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.
ස්වාමිනාදන් මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අතරතුරේය. පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා ගත් දරුවන්ට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් ආරක්ෂා වීමට තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් ‘බූස්ටර්’ එන්නතක් අවශ්‍යදැයි මාධ්‍යවේදීන් විමසද්දී විද්‍යාඥවරිය පැහැදිලි කළේ දැනට එසේ අවශ්‍යතාවක් නොමැති බවය.
වැඩිහිටියන් සඳහා බූස්ටර් එන්නත් ලබා දීම අවශ්‍ය බවත්, ‘ඔමික්‍රෝන්’ විකෘතිය නිසා රෝහල්ගතවීම සහ මරණයට පත් වීම ඒ අනුව අවම වන බව ද සෞම්‍යා ස්වාමිනාදන් වැඩි දුරටත් පවසා ඇත.
More Stories
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්‍රත්වයේ නව දොරටුවක්
චීන-ඇමරිකානු සාකච්ඡා පිළිබඳ චීන වාණිජ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
මැයි දින නිවාඩු සමයේ චීන සංචාරක අංශයේ කැපී පෙනෙන වර්ධනයක්