කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක් පෙන්නුම්කරන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
එම තත්ත්වය තුළ පිරිස් ඒකරාශී වන ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ ගර්භණී කාන්තාවන්ගෙන් ඉල්ලා සිටිනවා.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මේ පිළිබඳ වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වුවා.
“කොරෝනා රෝගය වැලඳුන ගර්භණී කාන්තාවන් සංඛ්‍යාව ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් පසුගිය සති දෙක තුන ඇතුළත. මේ නිසා අපි ගර්භණී කාන්තාවන්ගෙන් විශේෂයෙන් ම ඉල්ලන්න කැමතියි කලින් සෞඛ්‍ය පුරුදු ඒ විදියටම පිළිපඳින්න. ඉස්සරහටත් දීර්ඝ සතිඅන්ත එනවා. මහජනතාව ගැවසෙන ස්ථානවලට එක්රැස්වෙන ස්ථානවලට යෑමෙන් වළකින්න. සාදවලට නිවාඩු නිකේතනවලට යෑමෙන් වැළකි ගෙදර තුළ පමණක් සිටින්න. දෙවැනි එන්නත ලබාගෙන මාස තුනක් පහුවෙලා නම් ඒ අම්මලාගෙන් අපි ඉල්ලීමක් කරනවා බූස්ටර් එන්නත ලබාගන්න කියලා.”
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති