ධුරයෙන් නෙරපාහරින ලද මාලි රාජ්‍යයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් බුබාකර් කිටා අභාවප්‍රාප්ත වී තිබේ.
බමාකෝ අගනුවර පිහිටි ඔහුගේ නිවසේ දී හිටපු ජනාධිපතිවරයා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට වසර දෙකකට පෙර ඊබ්‍රහිම් බුබාකර් අඝාත තත්ත්වයකට ගොදුරු වූ නමුත් ඔහුගේ අභාවයට හේතුව එම කාරණය ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ඊබ්‍රහිම් බුබාකර් මියයන විට 76 හැවිරිදි වියේ පසු විය.
2020 වසර තෙක් 7 වසරක් ඊබ්‍රහිම් බුබාකර් මාලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතර රාජ්‍ය විරෝධී විරෝධතාවලින් පසු ඔහු සිය ධුරයෙන් නෙරපා හරිනු ලැබීය.
More Stories
ඕස්ට්‍රේලියානු නව රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම්– චීනය
චීන ජනපතිගේ එළඹෙන රුසියානු සංචාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
ජපානයේ නීතිවිරෝධී ප්‍රවේශය පිළිබඳ චීනයෙන් දැඩි විරෝධය