මෙරට වෙළෙඳපොළෙහි සහල් මිල නොසිතූ ලෙස ඉහළයමින් පවතින බව වෙළෙන්දන් පවසනවා.
එබැවින් ජනතාවට සාධාරණ මිලට සහල් ලබාදීම සඳහා අවශ්‍ය සහල් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.
විවෘත වෙළෙඳපොළේ ප්‍රමාණවත් සහල් තොග පවතින බව තහවුරුකර ගැනීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙලෙස සහල් ආනයනය කිරීමට යොජනා කර ඇති බව සඳහන්.
ඒ අනුව, නාඩු සහල් මෙට්‍රික් ටොන් 200,000ක් සහ සම්බා සහල්වලට ආදේශ වශයෙන් GR 11 Short Grain Rice වර්ගයේ සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති