පිළියන්දල, කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක හිමිකරු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසය කළ මෙහෙයුමකින් ය.
සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකන ලද රන් භාණ්ඩ ඇතුළු දේපොළ ද සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
පසුගිය 07 වැනදා පිළියන්දල, කැස්බෑව ප්‍රදේශයේදී පහරදී හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරිණි.
පොලීසිය සඳහන් කළේ, පහරදීමක් හේතුවෙන් හිසේ පිටුපස තුවාල සහිතව හෝටලයේ නිදන ඇඳ මත ඝාතනයට ලක්ව තිබියදී ඔහුගේ සිරුර සොයා ගත් බවයි.
එලෙස මියගියේ 50 හැවිරිදි ගුරුගම්මාන පාර, කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙක් ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
More Stories
පුංචි ඡන්දයේ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
සුගිය අප්‍රේල් මාසයේදී සංචාරකයින් 174,608ක් දිවයිනට
නවකවදය ගැන දැනුම් දීමට සෑම විශ්වවිද්‍යාලයකටම නිලධාරියෙකු පත් කිරීමට සැලසුම්