ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරාම එකවර දේශපාලන කටයුතු ලබන සතියේ සිට ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙලෙස එකවර ක්‍රියාත්මක කරන ක්ෂෙත්ර හතර වන්නේ තරුණ සංවිධාන, කාන්තා එකමුතුව, පළාත් පාලන ආයතන මහජන නියෝජිත හමුව සහ බිම් මට්ටමේ සාමාජික වැඩසටහන් ය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන වැඩ කටයුතු මේ වන විට මුළුමනින්ම අවසන් කර තිබෙන හෙයින් ලබන සතියේ සිට පූර්ණ කාලීනව දේශපාලන කටයුතු ආරම්භ කරන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.
බිම් මට්ටමේ පක්ෂ දේශපාලන කටයුතු ඇරැඹීමත් සමග ආසන මට්ටමින් වගකීම් බාර දෙන නව සංවිධායකයින් හඳුන්වාදීමේ වැඩසටහන ද ක්‍රියාවට නංවන බව එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන,මහා ලේකම් පාලිත රංගේබණ්ඩාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නව වසරේ එක්සත් ජාතික පක්ෂ දේශපාලන කටයුතු ක්‍රියාවට නැංවෙයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති